Story of Unmadha Chithra / උන්මාද චිත්‍රා

පණ්ඩුවාසදේව රජුගේ එකම දියණිය වූ චිත්‍රා දුටුවන් උමතු කරවන රූ සපුවකින් හෙබි තරුණියක් වු හෙයින් උන්මාද චිත්‍රා නම් වූවාය. නිමිත්ත කරුවකු විසින් ප්‍රකාශ කොට ඇත්තේ ඇයගෙන් ලැබෙන පුත්‍රයකු රාජ්‍යය පිණිස සිය මාමාවරුන් මරා දමන බව යි. මේ හේතුවෙන් තරුණයින් ගෙන් ඇයව ආරක්ෂා කරනු පිණිස එක්ටැම් ගෙයක රඳවනු ලැබී ය. රූපයත්, දඟකාරකමත්, උත්සන්න රාග ගතියත් නිසා තරුණයෙකුගේ ඇස ගැටුනහොත් සිය සහෝදරයන්ට අත්වන ඉරණම නිසාත් ඇයට එක්ටැම් ගෙයක සිරවී සිටින්නට සිදු විය. කෙසේ වෙතත් සිය මවගේ සොයුරා වූ දීඝායු ගේ පුත් දීඝගාමිණී උන්මාද චිත්‍රා සමඟ පෙමින් බැඳිණි. චිත්තරාග හා කාලවේල යන දාසයන් දෙදෙනාගේ උදව්වෙන් මොවුන් දෙදෙනාගේ පෙම කාලයක් තිස්සේ පැවතිණි. එහි ප්‍රතිඵලයක් ලෙස චිත්‍රා ගැබිණියක් විය. මේ බව දැනගත් චිත්‍රාගේ සොහොයුරන් විසින් එයට උදවු දුන් චිත්තරාග හා කාලවේල ගෙල සිඳ මරා දැමීය. චිත්‍රා හට පුතකු උපන්නොත් ඔහු උපන් ගෙයිම මරා දැමීමට පැහැදී සිටිය හ.
සිය සොයුරන් ගේ විරෝදය දැන සිටි චිත්‍රා කුමරිය සේවිකාවකට උපන් ගැහැණු දරුවකු සමඟ සිය පුතු හුවමාරු කොට පුත් කුමරුන් මාලිගයෙන් පිටමං කරන ලදි. එම පුතුට පණ්ඩුකාභය ලෙස නම් තබන ලදි.
කුමාරයා ජීවතුන් අතර බව දැනගත් මාමාවරුන් ගම් නියම් ගම් ගිනිබත් කරමින් බොහෝ පිරිමි දරුවන් මරා දැමීය. කුමරුගේ උපතින් ටික දිනකට පසු තිස් වසරක් රජකම් කල පණ්ඩුවාසදේව රජු මිය ගියේ ය. කුමරුන් දොරමඩලාව නම් ගමක සිය ලමා කාලය ගෙවීය.

Comments

Popular posts from this blog

Kuveni or Kuvanna - කුවේණිය හෙවත් කුවණ්ණා

Birth of prince Vijaya / විජය කුමරුගේ උත්පත්තිය

Early Kingdoms / රාජධානියට පෙර