Kuveni or Kuvanna - කුවේණිය හෙවත් කුවණ්ණා
Kuveni also known as Sesapathi or Kuvanna, was a Yakshini queen in Sri Lanka mentioned in the ancient Pali chronicles Mahavamsa She is venerated as Maha Loku Kiriammaleththo by the Veddas. Other names for her varying with Veddas habitats are Indigolle Kiriamma, Unapane Kiriamma, Kande Kiriamma, Divas Kiriamma, Wellasse Kiriamma, Kukulapola Kiriamma and Bili Kiriamma.Kuveni was a wife of Sri Lanka's first recorded king Vijaya and she had two children, a son named Jeevahatta and the daughter as Disala. According to the genesis myth of the Sinhala people, recorded in the Mahavansa, the Veddas - Sri Lanka aboriginal population are descended from Kuveni's children.And alternative tale is that Kuveni flung herself from Yakdessa Gala,
imploring the Gods to curse Vijaya for his cruelty - which they do by
preventing any of Vijaya's children from ever sitting on the throne of Rajarata.One legend says that she had three breasts.
The soothsayers had said that the moment she set eyes on a prince who
is destined to become her husband, one of her breasts will disappear.
That happened as soon as she saw Vijaya and thereafter, she fell
hopelessly in love with him. As Vijaya was a complete stranger to Sri
Lanka, he used Kuveni's knowledge of the country and her people, to
capture Sri Lanka.
මහා වංශය වැනි සිංහල පුස්තකයන්හි දැක්වෙන ලෙස යක්ශ ගෝත්‍රයේ රැජිණක වූ කුවේණිය සේසාපති, කුවණ්ණා යන නම් වලින් ද හඳුන්වයි. වැදි ජනයා විසින් මහා ලොකු කිරිඅම්මිලැත්තො ලෙස පුදනු ලබන්නේ ද කුවේණිය යි. වැදි ජනයා විසින් ඉඳිගොල්ල කිරිඅම්මා, උනපනේ කිරිඅම්මා, කන්දෙ කිරිඅම්මා, දිවැස් කිරිඅම්මා, වෙල්ලස්සෙ කිරිඅම්මා, කුකුලාපොල කිරිඅම්මා සහ බිලි කිරිඅම්මා ලෙස හඳුන්වන්නේද කුවේණියම ය.
විජයගේ දරුවකු කිසි දින රජරට කිරුළු නොදැරීමට දෙවියන්ගෙන් අයැදිමින් කුවේණිය යක්දෙස්සා ගල නම් ස්ථානයේ දී ශාප කල බව ද සඳහන් වෙයි. විජය කුවේණි කතාන්දරයෙහි එන තවත් ජන ප්‍රවාදයක් වන්නේ කුවේණියට තන 3ක් පිහිටා තිබූ බවත් ශාස්ත්‍ර කාරයකු පවසා තිබුනේ ඇයගේ අනාගත ස්වාමියා වන කුමරු දුටු විගස එක් තනයක් නැති වී යන බවයි. කපු කටිමින් සිටියදි විජය දැකීමෙන් එවැන්නක් සිදු වීම නිසා කුවේණිය විජය සමඟ ආලයෙන් බැඳෙන්නට ඇති බව සිතිය හැක. කුවේණියගේ මාලිගයේ නටඹුන් විල්පත්තු අභය භූමියේ දී දැකගත හැකිය.
කුවේණිය යක්ශ ගෝත්‍රයේ රජු වූ බිම්බා හා රැජිණිය චන්ද්‍රිකාගේ දියණිය බව සැලකේ. කුවේණිය හා ඇයගේ ගෝත්‍රය කෘෂිකර්මාන්තය හා ජාත්‍යන්තර වෙළඳාමෙහි නියැළුනු ඉතා දියුණු ශිෂ්ඨාචාරයක් තිබූ අය බව ඇතැම් ඉතිහාසඥයන් පවසයි. ඔවුන් ගණිත ක්‍රම, ලෝහ උණු කිරීම, නැව් සෑදීම හා ජලතරණය, රෙදි නිෂ්පාදනය වැනි බොහෝ කර්මාන්ත වල නියැළුනු බවත් තම්බපණ්ණි නම් වරාය ඉතා කාර්යබහුල වරායක් ලෙස පවත්වාගෙන ගිය බවට ද ඇතැම් ඉතිහාසඥයින්ගේ මතයක් පවතී. කුවේණිය එම වරාය පාලනය කරන්නට ඇති බවත් කපු කර්මාන්තය අධීක්ෂණය කරමින් එම කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් සිටින්නට ඇත. විජය කුමරුගේ පැමිණීමත් සමඟ ඇය බොහෝ වෙනස් වන්නට ඇති බව ත් කුවේණිය තම ජනයාට ද්‍රෝහි වීමට ප්‍රථම තමා සරණ පාවා ගන්නා බවට විජයගෙන් හත් වරක් දිවුරුම් ගත් බවත් සැලකේ. නමුත් විජය සිදු කළේ රට තම පාලනයට ගැනීම පමණක් වන්නට ඇත. විජය වැනි ක්ෂත්‍රියයන් කිසිදා තම වචනය තබන්නට නැතිව ඇත. නැවතත් යක්ශ ජනයා නැඟී සිටින්නට වෙර දරන්නට ඇත. නමුත් ඒ වන විටත් බොහෝ ගෝත්‍රික නායකයින් මිය ගොසිනි, ජිවිත බේරාගත් නායකයින් කොල්ල කෑමට ලක්ව තිබෙන්නට ඇත. කෙසේ හෝ යක්ශ ගෝත්‍රය ටිකෙන් ටික පිරිහෙන්නට ඇත.
Comments
Post a Comment