King Panduvasadeva / පණ්ඩුවාසදේව රජු

Vijaya had no other children after Kuveni's departure. When he grew old, he became concerned that he would die heirless. So, he decided to bring his twin brother Sumitta from India, to govern his kingdom. He sent a letter to Sumitta, but by the time he could get a reply, he died. His ministers from Upatissagama then governed the kingdom for a year, while awaiting a reply. Meanwhile, in Sinhapura, Sumitta had become the king, and had three sons. His queen was a daughter of the king of Madda (possibly Madra). When Vijaya's messengers arrived, he was himself very old. So, he requested one of his sons to depart for Lanka. His youngest son, Panduvasdeva, volunteered to go. Panduvasdeva and 32 sons of Sumitta's ministers reached Lanka, where Panduvasdeva became the new ruler.
Panduvasudeva had ten sons, including Abhaya, Tissa and his only daughter Ummadha Citta.

ශ්‍රී ලංකීය රාජ ඉතිහාසයේ දෙවන රජ ලෙස නම් දරන්නා වූ පණ්ඩුවාසදේව රජු විජය රජුගේ සහෝදර සුමිත්ත ගේ බාල පුතුන් ය. විජය රජුගේ තිස් අටවන වර්ෂයේදී තම අවසානය ලං වන බව දුටු රජුට මදුරාපුරයෙන් ගෙන්වා ගත් බිසොවගෙන් දරු ඵලයක් ද නොතිබිණි. අමාරුවෙන් ගොඩ නැගූ රාජ්‍යය විනාශ වීමට දිය නොහැකි හෙයින් සිය සහොදර සුමිත්ත කුමරු ගෙන්වා රාජ්‍යය භාර දීමට හසුන් යැවීය.මේ අතරතුර රජු මරණයට පත් විය. වසර තුනක පමණ කාලයක් වූ පණ්ඩුවාසදේව කුමරුගේ පැමිණීම අතර කාලය අරාජික කාලයක් විය. ඉතිහාස ලේඛන වලට අනුව මෙම කාලය තුල උපතිස්ස නම් පුරෝහිතයා රජ පදවිය දරන්නට ඇත.
විජය රජුගේ දූත පිරිස සිංහපුරයට යන විට සුමිත්ත කුමරු එහි අභිෂේක ලබා සිටියේ ය. මදුරදුගේ දියණිය වූ චිත්‍රා ඔහුගේ බිසව වූවාය. ඔවුන්ට දරුවන් තිදෙනෙක් විය. සිය සහෝදරයාගේ ඉල්ලීම කෙසේ හෝ ඉටුකල යුතු බැවින් සිය පුතුන් කැඳවා තම්බපණ්ණියේ අභිෂේක ලබන්නට කැමැත්තේ කවුරුන්දැයි විමසීය. පණ්ඩුවාසදේව වූ බාල පුතු ඊට එකඟව දෙතිසක පිරිසක් සමඟ ලක්දිවට පැමිණීය. උපතිස්ස ග්‍රාමයට පැමිණ පිරිස හඳුනාගත් පසු පණ්ඩුවාසදේව කුමරුට රාජ්‍යය පවරන ලදි. සුදුසු කුමරියක නොමැති හෙයින් අභිෂේකයක් නොමැතිවම රාජ්‍යය කරන ලදි.
බුදු රදුන්ගේ ජීවමාන කල ඥාතියෙකු වූ අමිතෝදන රජුගේ පුත් පණ්ඩු නම් ශාක්‍යාගේ දියණිය වූයේ භද්දකච්චානා යි. සුරූපී කුමරියක් වූ ඇය පතා රාජ්‍යයන් හතක රජවරු පැමිණි හෙයින් බියට පත් පියාණන් දියණිය ස්ත්‍රීන් තිස් දෙදෙනෙකු සමඟ නැව් නංවා පා කර හැරීය. ලක්දිවට ගොඩ බට භද්දකච්චනා කුමරිය ව පණ්ඩුවාසදේව රජු විසින් සරණ පාවා ගත් හ. ඇයගේ පැමිණීමෙන් පසු රාම, උරුවේල, අනුරාධ, විජිත, දීඝායු සහ රෝහණ නමින් ඇයගේ සහොදරයින් සය දෙනෙක්ද ලංකාවට පැමිණිය හ. පඬුවස්දෙව් රජුට භද්දකච්චානාගෙන් අභය, තිස්ස, උත්තිය, අසේල, විභාත, රාම, සිව, මත්ත, මත්තකලෙණ ලෙස පුතුන් නව දෙනෙන්ක්ද චිත්‍රා නමින් දියණියක් ද විය. පණ්ඩුවාසදේව රජුගේ රාජ්‍යය කාලය වර්ෂ තිහක් බව ඉතිහාසයේ සඳහන් වේ.

Comments

Popular posts from this blog

Kuveni or Kuvanna - කුවේණිය හෙවත් කුවණ්ණා

Early Kingdoms / රාජධානියට පෙර

Birth of prince Vijaya / විජය කුමරුගේ උත්පත්තිය